Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

YouTube video එකට හරියටම හරියන Tags දාන්න නම් | Adsense කුප්පිය #6

YouTube video එකට හරියටම හරියන Tags දාන්න නම් අපි අනිවාරෙන්ම මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕනි 🙂 ඉතින් දැනටමත් ගොඩක් දෙනෙක් දන්නවනේ මේ Youtube Adsense කියන්නේ මොනවද කියල.  ඒ නිසා  අපි කෙලින්ම  කතාවට බහිමු :p 

  • ඇත්තටම මොකක්ද මේ tags වලින් වෙන්නේ ?

මේ අපි භාවිත කරලා තියෙන tags වලින් තමයි user හොයාගන්නේ එයා හොයන keywords වලට අදාල videos. මේකෙදි ඇත්තටම user enter කරන keywords එකට අදාල tags තියෙන videos ටික search result එකක් විදියට user ට පෙන්නනවා. ඉතින් මේ tags හරියාකාරව ඇතුලත් කලොත් තමයි අපේ video එකට හොදට views ගන්න පුළුවන් වෙන්නේ.

උදාහරනෙකට අපි car එකක් ගැන review එකක් කලොත් car, vehicle, වගේ tags තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩක් අය කරන වැරද්දක් තමයි youtube එකෙන් suggest කරන ටැග්ස් use කරලා නිකන් ඉන්න එක. මේක කරන්නම එපා. අනිවාරෙන්ම ඔයාගේ video එකට අදාල දේවල් විතරක් හරියට හොයල බලල ටැග්ස් දාන්න 🙂

ඔයා අනිවාරෙන්ම ඔයාගේ video එකට සමාන අනිත් අයගේ videos වලට YouTube Auto-Suggest කරන keywords/titles ගැන අවදානෙන් ඉන්න ඕනි. මොකද අපි දාන්න යන video එකට tags තෝරද්දී අපිට අනිත් අය භාවිතා කරලා තියෙන tags දැනගන ඉන්න එක ගොඩක් වටිනවා. (මේකෙදි මම කියන්නේ නැහැ අනිත් අය කරන දේම කරන්න කියල)

youtube-tagging-02

 

ඉතින් ඉස්සරනම් tags හැම you-tube video එකකම පෙන්නුවනේ, එත් ඉතින් දැන්නම් ඒවා සේරම hide කරලා තමයි තියෙන්නේ. ඉතින් දැන් කොහොමද ඕක හොයාගන්නේ :/ මේකට chrome එකටනම් addon තියෙනවා 🙂

ඉතින් එහෙම නැති  අයට කරන්න තියෙන්නේ ඕනි කරන video එකේ Page Source එක open කරලා “Find” (CTRL+F) කියන option එකෙන් “keywords” කියන වචනේ search කරන්න විතරයි :v එතකොට මෙන්න මේ වගේ tags list එකක් එනවා 😀

<meta name="keywords" content="Honda grace, vehicle review, sinhala review, car review, sri lankan car review, honda, grace, 2015, car, review, srillanka, sinhala, sport sedan, honda grace...">

ඉතින් මේ වගේ ඔයාගේ video එකට related video 3-4 ක් analysis කරලා  tags ටිකක් හදාගන ඔයාගේ video එකට ඇතුලත් කරගන්න, හරියම සිම්ප්ලේ

එහෙමත් නැත්තම් YouTube keyword suggestion tool එක භාවිතා කරලත් හොද keywords ටිකක් හොයාගන්න පුළුවන්

 

නැවත අලුත් කුප්පියකින් හමුවෙන තුරු……

ගිහින් එන්නම්,
ඔබට ජය.

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
6 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *