Namecheap.com

Adsence කුප්පිය

SEO, Backlinks සහ ඇඩ්සෙන්ස් | Adsense කුප්පිය #3

By  | 

 

1

කලින් ලිපිය අංග සම්පූර්ණව ඉවරකරගන්න බැරිවුනු නිසා මීලග ලිපියත් ඉක්මනට ලියලා දාන්න හිතුවා. මේ ලිපියෙන් අපි පහත කරුනු කාටත් තේරෙන සිංහලෙන් රූප මාධ්‍ය බහුලව යොදාගනිමින් සාකච්ඡා කරමු.

3. Backlinks කොහොමද හදන්නේ? මොකටද තියෙන්නේ?
4. හැමෝම වහෙන් ඔරෝ කියන, අපි නොදන්න SEO
5. Senuke X සරලව

හරි, ඊටත් කලින් මේ දේවලුත් කියලා ඉන්නම්කෝ. AutoBlog මම මාස 6ක විතර ඉදන් සාර්ථකව කරගෙන යනවා. පලමු මාස තුනේ ආදායමක් නැතිම තරම්. ඒකට හේතුව ටික කාලයක් යනවා පීල්ලට වැටෙන්න. ඊට පස්සේ පුලුවනි අපිට ඇගට නොදැනෙන්න සල්ලි හොයන්න.

ඉතින් ඔය ඔටෝ බ්ලොග් කෙරුවාවෙන් මටත් පලමු ඇඩ්සෙන්ස් ආදායම ලැබුනා. ඒ චෙක්කුව කැමතිනම් පහලින් බලන්න. ගූගල් සමාගම චෙක්කුව එවලා දින 21කින් ඒක ගෙදරට ආවා.

ඒ චෙක්කුව සම්පත් බැංකුවටයි දැම්මේ. චෙක් එකේ තියෙන සල්ලි බැංකු ගිනුමට බැරවෙන්න දින 21ක් යනවා. සල්ලි බැරවුනාම ගෙදරට ලියුමක් එව්වා ඉස්සරනම්, ඒත් දැන් කොහොමද දන්නේ නෑ. ඒ වගේම බැංකුවෙන් පොඩි ගානක් කපාගන්නවා. මම කලින් ඇලට්පේ $100ක චෙක්කුවක් මාරුකරලා රුපියල් 500ක් විතර එයාලා කපාගෙන තිබුනා.

2

 

3. Backlinks කොහොමද හදන්නේ? මොකටද තියෙන්නේ?

Backlinks කියන්නේ මොනවාද?

Backlinks කියන්නේ සාමාන්‍ය පරිදි යම් වෙබ් අඩවියකට හෝ යම් වෙබ් පි‍ටුවකට වෙනත් වෙබ් අඩවියක හෝ වෙබ් පි‍ටුවක සිට සාදන්නාවූ සබැදියක් (link).

උදාහරනයක් ලෙස පහල “Engadget Mobile” යන්න http://mobile.engadget.com/ යන වෙබ් ලිපිනයට සම්බන්ද කර ඇත. “Engadget Mobile” යන වචන Click කල සැනින් ඔබ http://mobile.engadget.com/ කරා ගෙනයයි. මෙය අපි සරලව Backlink එකක් කියා හදුන්වමු.

Engadget Mobile

දන්නේ නැති කෙනෙක් ඉන්නවානම් මේ ලින්ක් එක හදපු හැටිත් පෙනවන්නම්කෝ

3

4

 

මේ ලින්ක් එක ලිපියක් මැද්දේ තියෙන Backlink එකක් නිසා මේකට කියනවා Post Backlink එකක් කියලා.

Backlinks මොකටද තියෙන්නේ?

Backlinks වල ප්‍රයෝජන කිහිපයයි,

A. Backlink එක තිබෙන වෙබ් අඩවියේ Visitorsලාගෙන් කොටසක් අපේ වෙබ් අඩවියට පැමිනීම. iPlusBlog එකට පැමිනි ඔබ ඉහත “Engadget Mobile” යන්න Click කර කැමැත්තෙන් හෝ අකමැත්තෙන් http://mobile.engadget.com/ වෙත යනවා සේය.

B. ඔබේ වෙබ් අඩවිය Google, Yahoo වැනි සෙවුම් යන්ත්‍ර වලට පහසුවෙන් හසුවීම. එවිට සැලකිය යුතු තරම් සෙනගක් ඔබේ වෙබ් අඩවියට ඒ හරහා පැමිනීම. (SEO)

C. ඔබේ වෙබ් අඩවියේ GPR (Google Page Rank) එක ඉක්මනින් වැඩිවීම, මෙවිට ඔබේ ඩොමේනයේ අර්ථික වටිනාකම ඉහල යයි. පසු කාලෙක ඔබේ මෙම ඩොමේනය ඉහල මිලකට විකිනීමට වුවද පුලුවන්. (BPR = Bing Page Rank, Bing මගින්ද Page Rank ලබාදෙන ක්‍රමයක් ඇත) මෙය සරලව 0 සිට 10 දක්වා යම් ඩොමේනයකට ලබාදෙන අගයකි. මෙහි අගය වැඩිවන තරමට වටිනාකමද වැඩිවේ. prchecker.info වෙබ් අඩවිය මගින් ඔබේ වෙබ් ඩොමේනයේ GPR එක මැනගත හැක.

A,B,C කාරනා තුන හොදින් මතක තබා ගන්න. පහලින් මම ඒවා සවිස්තරව කියන්නම්.

4. හැමෝම වහෙන් ඔරෝ කියන, අපි නොදන්න SEO

SEO (Search Engine Optimization) අපි මේක සිංහලෙන් සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය කියලා හදුන්වනවා. ඒ වචන ටිකක් අමාරු නිසා අපි කෙටියෙන් SEO කියලා හදුන්වමු.

අපි සෑම දෙයක්ම කරන්නේ අපේ වෙබ් අඩවියට එන පිරිස වැඩි කරගන්න වගේම අපේ වෙබ් අඩවියට ලොකු ආර්ථික වටිනාකමක් ඇති කරගන්න. SEO තියෙන්නේත් ඒකටමයි. යම් වෙබ් අඩවියකට අදාලව SEO යන ක්‍රියාපටිපාටියට අදාල දේවල් සිදුකල විට ඉහත සදහන් කල අපගේ අවශයතා ඉ‍ටුවෙනවා. ඒකෙන් ඇඩ්සෙන්ස් හරහා ඉහල ආදායමක් ලබාගන්න පුලුවන්.

Search Engine Optimization ක්‍රියා පටිපාටිය

මෙහෙමයි, මේක එක එක්කෙනා කරන දේවල් අනුව වෙනස් වෙනවා. කෙනෙකුට පුලුවනි මේක මං හදුන්වනවාට වඩා වෙනස් ක්‍රමයක් යෝජනා කරන්න. ඒත් මං මේ කථාකරන්නේ මූලිකව සරලව මේ දේවල් කරගන්න ආකාරයයි.

1. Meta Tag සහ Google Analytics සක්‍රීය කිරීම
2. PR 4 සහ PR 9 අතර ඇති වෙබ් අඩවි වල සිට අපේ වෙබ් අඩවියට Backlinks සෑදීම. (including edu, gov links)
3. High PR Social Bookmarking
4. Press Releases & Article Directory Backlinks

මෙන්න මේ දේවල් 1 සිට 4 දක්වා පිලිවෙලට කරගෙන කියපුවාම SEO කියන ක්‍රියා පටි පාටිය සම්පූර්න වෙනවා. මීට අමතරව Social Networking, Backlinks Pyramid කියලා ක්‍රම තිබුනත් එච්චර දුර අපි යන්න ඕනෑ නෑ. මම ඒ ගැන කියන්න වැඩිය දන්නෙත් නෑ.

1. Meta Tag සහ Google Analytics සක්‍රීය කිරීම

Adsense කුප්පිය #2 හි මෙම කාරනය ඕනෑවටත් වඩා හොදට සාකච්ජා කර ඇත.

2. PR 4 සහ PR 9 අතර ඇති වෙබ් අඩවි වල සිට අපේ වෙබ් අඩවියට Backlinks සෑදීම. (including edu, gov links)

මේ මාතෘකාව යටතේ අපි මේ කරුනු සාකච්ඡා කරමු

P. Post Backlinks & Comment Backlinks
Q. DoFollow සහ NoFollow
R. Angela නැන්දයි Paul මාමයි
S. මොනවාද මේ edu, gov links

මේ P, Q, R, S කොටස් විතර කිරීමට කලින් Google.com වාගේ Search Engine එකක් ඒවාට තොරතුරු ‍රැස් කරගන්න හැටි බලමු.

Search Engine Spider කියලා කෙනෙක් ඉන්නවා. එයා හැදිලා තියෙන්නේ Scripts, Servers ආදී විවිධ වූ මූලාශ්‍ර වලින්. එයා කරන්නේ සයිබර් අවකාශයේ අස් කොන් නෑර ගිහින් තොරතුරු ‍රැස් කරන එක. මේ කථාව උදාහරනයකින් කියන්නම්

ඉස්සර රජ කාලේ රජ්ජුරුවන්ට හිටියා ඕප දූප, තොරතුරු ‍රැස් කරලා දෙන පිරිසක්. තවත් විදියකට කීවොත් ඔත්තු සේවයක්. මෙයාලාගේ කාර්ය භාරය වුනේ රාජ්‍ය තුල සිදුවෙන්නාවූ නවතම දේවල්, නවතම වෙනස්කම්, මිල මුදල්, සහ විවිධ පුද්ගලයන් ගැන කාලීන තොරතුරු ‍රැස් කරන එක. ඒකෙන් රජතුමා බලාපොරොත්තු වුනේ තාමගේ රාජ්‍ය පෙරලිය නොහැකි වනසේ ශක්තිමත් කරගැනීම.

Search Engine Spider කියන කෙනත් එහෙම කෙනෙක්, මෙයාලා අලුතෙන් එන වෙබ් අඩවි, අලුත් ඩොමේන්, අලුත් වෙබ් පි‍ටු, අලුත් ලිපි, සහ යම් වෙබ් අඩවියක ඇති inbound, outbound links වාගේ තොරතුරු සෑම තත්පරයක් පාසාම සොයනවා. සොයලා වාර්ථාවක් ‍රැස් කරලා ගූගල් සමාගමට යවනවා. මේවා ස්වයංක්‍රීයව සිදුවන සයිබර් අවකාශයේ ඇසට නොපෙනෙන සිද්ධි සමූහයක්. Google Analytics කියන්නේත් මේ Search Engine Spiderගේ කොටසක්.

දැන් අපි හිතමුකෝ මේ මකුලුවා යනවා යම් High PR වෙබ් අඩවියකට තොරතුරු ‍රැස් කරන්න. එතකොට එයාට හම්බෙනවා iplusblog.com එකට දාපු Post Backlink එකක්. එයා ඒක සටහන් කරගන්නවා. යනවා තවත් High PR වෙබ් අඩවියකට එතකොට එයාට හම්බෙනවා Comment Backlink එකක් iplusblog.com එකට දාපු. ඔන්න දැන් මේ මකුලුවා යනවා Social වෙබ් අඩවියකට තොරතුරු ‍රැස් කරන්න, එතකොට හම්බෙනවා iplusblog.com එකට දාපු Social Bookmark එකක්.

දැන් මොකද වෙන්නේ? මෙයා හිතනවා මේක විශේෂ වෙබ් අඩවියක් වෙන්න ඕනේ කියලා හිතලා මෙයාගේ රිපෝට් එකට iplusblog.com කියන එක ඇතුලත් කරගන්නවා. ඊටපස්සේ යනවා iplusblog.com එකට. ගිහිල්ලා බලනවා Meta Tag එක. බලලා සටහන් කරගන්නවා. ඊට පස්සේ Analytics සමග ගලපනවා. මෙහෙම මෙහෙම මේ iplusblog.com වෙබ් අඩවිය ගැන තොරතුරු ‍රැස් කරලා Google Database එකට යවනවා.

5

 

ඉහත රූපයම තවත් විස්තරව පහලින්

6

 

ඊලගට මොකද වෙන්නේ? කෙනෙක් Google මත “Fiverr සිංහලෙන්” කියන Keyword එකට අනුව සර්ච් කරනවා. පහල රූපය බලන්න.

7

 

දැන් ගූගල් database එකෙන් මේ කීවර්ඩ් එකට අදාල තොරතුරු හොයනකොට ගූගල් මාමාට iplusblog.com කියන වෙබ්සයිට් එක හම්බෙනවා, මොකද අර මකුලුවා iplusblog.com එක ගැන හා එහි අන්තර්ගතය ගැන සම්පූර්ණ විස්තරයක් database එකේ සටහන් කර තිබුනු නිසා. දැන් ඔය ලින්ක් Click කරලා එයා iplusblog.com වෙතට එනවා. ඒ කියන්නේ මේ විදියට සෑහෙන සෙනගක් මේ බ්ලොක්කයට එනවා කියන එක. මේක ඉංග්‍රීසි බ්ලොක්කයක් වුනානම්, ඇඩ්සෙන්ස් දාලා තිබුනානම් සැහෙන ආදායමක් හොයනවා කියන එක.

දැන් නම් හැමෝටම Backlink, Meta Tag, Analytics කියන ඒවාගේ ප්‍රයෝජනය ඕනෑවටත් වඩා තේරෙනෙවා ඇති කියලා හිතනවා. මීට වඩා සරලව කියන්නනම් මං දන්නේ නෑ. තේරුම් ගන්න උත්සාහ කරන්න.

P. Post Backlinks & Comment Backlinks

Post Backlinks
යම් ලිපියක් ලියන ගමන් ලිපියේ මුල, මැද, අග ඕනේම තැනක යම් වෙබ් අඩවියකට ලින්ක් එකක් ඇතුලත් කිරීම. Post Backlink කියලා හදුන්වනවා. ලිපියේ මුලින්ම කියාදුන්නා ලින්ක් එකක් හදන හැටි.

Comment Backlinks
යම් වෙබ් අඩවියක, යම් ලිපියක් අවසානයේ කොමෙන්ට් කිරීමට ඇති ප්‍රදේශය තුල යම් වෙබ් අඩවියක ලින්ක් එකක් ඇතුලත් කිරීම. හෝ Name & Url ලෙස කොමෙන්ට් එකක් දැමීම.

අපි බලමු Name & Url ලෙස කොමෙන්ට් එකක් දාන ආකාරය.
දැන් මේ බැක්ලින්ක් එක හදන්න යන්නේ iplusblog.com එකේ සිට itechee.com දක්වායි.

8

 

Q. DoFollow සහ NoFollow

මේ කියන්නේ යම් වෙබ් අඩවියක තියෙන ගුණාංගයක් ගැන. අපි හිතමුකෝ අපි ඉහත ආකාරයට කොමෙන්ට් බැක්ලින්ක් එකක් හැදුවා කියලා යම් High PR වෙබ් අඩවියක් මත සිට iplusblog.com එකට. ඒ High PR වෙබ් අඩවිය DoFollow ඝනයේ වෙබ් අඩවියක්නම් ඒ හදපු බැක්ලින්ක් එක 100%ක් සාර්ථකයි.
හැබැයි ඒ High PR වෙබ් අඩවිය NoFollow ඝනයේ වෙබ් අඩවියක්නම් අපි හදපු බැක්ලින්ක් එකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒකට හේතුව ඒ වෙබ් අඩවිය ඒ ලින්ක් එක Search Engine Spiderලාට Follow කරන්න දෙන්නේ නෑ. තවත් විදියකට කීවොත් Search Engine Spiderට මේ අපි හදපු ලින්ක් එක පෙන්නන්නේ නෑ. එවිට අපි බලාපොරොත්තුවෙන SEO ක්‍රියාපටිපාටිය සාර්ථක වෙන්නේ නෑ.

Comment Backlinks සෑදිය හැකි DoFollow වෙබ්/බ්ලොග් අඩවි

PR7
educause

PR6
w3blog.dk
http://comluv.com
eartheasy.com/blog
socialtimes
siarchives.si.edu/blog/
blog.digitalbackcountry
PR5
links.org.au
blondish.net
www.seobythesea.com
bluehatseo
blog.brazencareerist
PR4
basicblogtips
weblogbetter
bloggingwithoutablog
wordpress-websitebuilder.com
uncommonphotographers
PR3
myblog2day
techpatio
techtricksworld.com
techwork.dk

R. Angela නැන්දයි Paul මාමයි

Angela Backlinks
PR2-PR5 වගේ වෙබ් අඩවිවල සිට DoFollow Backlinks සිය දහස් ගනනක් සෑදීම.
[ගෑනු කරන වැඩ අමාරුයි, විශාල කාලයක් නාස්ති වේ]

Paul Backlinks
PR5-PR9 වගේ වෙබ් අඩවිවල සිට DoFollow Backlinks කිහිපයක් පමනක් සෑදීම. (කිහිපයක් යනු 10ක් 15ක් වැනි ප්‍රමානයක්)
[පිරිමි මොලේ කල්පනාකර ලෙහෙසියෙන් වැඩකරයි, කෙටි කාලයකින් වැඩි ඵලදාවක් ඇත]

S. මොනවාද මේ edu, gov links

iplusblog.com මේකේ තියෙන්නේ .com ඩොමේනයක්.
iplusblog.edu, iplusblog.gov මේවාගේ තියෙන්නේ .edu, .gov ඩොමේන.

මේ .edu, .gov කියන ඩොමේන ලේසියෙන් පහසුවෙන් මිලදී ගන්න බෑ. ඉතා ඉහලා ආර්ථික වටිනාකම තියෙන ඩොමේන. විශේෂයෙන් රජය හා අධ්‍යාපනය සම්බන්ද වෙබ් අඩවි වලට පමණයි මේ ඩොමේන ලාබාගත හැකි. ඉතින් මේ වෙබ් අඩවි වල සිට අපේ බ්ලොක්කයකට බැක්ලින්ක් එකක් හදාගන්න පුලුවනිනම් ඒක මිල කරන්න බැරි තරම් වටිනවා. ඉහත කියාදුන්, Paul Backlinks වලටත් වඩා වටිනවා. මේ වගේ ඩොමේන වලින් බැක්ලින්ක් 2, 3ක් තිබුනත් හොදටම ඇති කීවර්ඩ් එක අනුව අපේ වෙබ් අඩවිය සර්ච් එන්ජින් වල ඉහලට ගන්නට.

ලිපිය අවසානයේ මේ මිල කල නොහැකි edu backlink package එකක් දෙන්නම්. මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. https://www.box.com/s/6748bdb842d8929976a0
මේ pdf ෆයිලය තුල රූපසටහන් සහිතව විස්තර කරලා තියෙනවා edu වෙබ් අඩවි සහ බැක්ලින්ක් හදන ආකාරය ගැන.

අදට මේ ලිපිය නිමයි. ඊලග ලිපියෙන් අපි මේ කරුණු සාකච්ඡා කරමු. මාත් එක්ක තරහාවෙන්න එපා හැමදාම ඇද-ඇදා ඉන්නවට, පේනවනේ කියන්න ගත්තාම කොච්චර දේවල් තියෙනවාද කියන්න. මේ දේවල් ටිකක් අමාරුයි තේරුම් කරන්න. අත්දකීම් වලින් ඉගෙනගන්නම ඕනේ.

3. High PR Social Bookmarking
4. Press Releases & Article Directory Backlinks
5. Senuke X සරලව
6. Free backlink packages

කලින් කීවා වගේ ආයෙත් කියනවා. SEO කියන්නේ එක එක්කෙනාගේ අත්දැකීම් හා දැනුම අනුව වෙනස්කර හදුන්වන්න පුලුවන් ක්‍රියා පටිපාටියක්. මට තේරෙන විදියටයි බ්ලොග් එකේ ලියලා තියෙන්නේ. මීට වඩා කෙනෙක් සරලව කියලා දෙන්නේ නෑ, ඒ නිසා අමාරුවෙන් වුනත් තේරුම් ගන්න උත්සාහ කරන්න. SEO කියන්නේ ඇඩ්සෙන්ස් තියෙන කෙනෙකුට ශල්ලි ශල්ලි. 😛

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
Namecheap.com

2 Comments

  1. Tharuka

    June 14, 2016 at 8:48 am

    dhananjayaweb font eka pawichchi karala apita adsence ganna baida…..

  2. Pingback: techmachan.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *