Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

Namecheap April Discounts – 40% OFF

ලට්ට පට්ට බොතලයේ තවත් කොටසක් තමයි මේ ලියන්න හදන්නේ.  මේකනම් ටිකක් වෙනස් ලිපියක්. ඔයාල කව්රුත් දන්නවා දැනට තියෙන hosting/domain service දෙන sites වලින් වාසිම සහ හොදම පාරිභෝගික සේවයක් ලබාදෙන site එකක් තමයි මේ Namecheap කියන්නේ කියල. ගොඩක් දෙනෙක් facebook message එවන්නෙත් ඩොමින් එකක් ගන්න ලාබම, අඩුවට hosting එකක් ගන්න හොදම තැනක් අහලනේ. ඉතින් අන්න අය වෙනුවෙන් තමයි මේ ලිපිය ලියන්නේ.

*** ගොඩක් දෙනෙක්ට මේ namecheap හරිගියාට මේක හරියන්නේ නැති/ මේකේ packages ගැලපෙන්නේ නැති පිරිසක් ඉන්නවා. අන්න ඒ අයට පුළුවන් godaddy/ ipage/ bluehost/ hostgator හෝ වෙනත් ඕනිම එකක් use කරන්න, අපේ අවශ්‍යතාවය අනුව ඉතින් වෙනස් වෙනස් packages අවශ්‍ය වෙනවනේ.

ඉතින් මේ namecheap domain registering, hosting ගොඩක්ම ගැලපෙන්නේ මේ field එකට අලුතින් එන අයට තමයි. මොකද එක පාර ලොකු මුදලක් යට කරන්න බැහැනේ. අන්න එකයි මේ namecheap මෙච්චර ප්‍රසිද්ද වෙන්න හේතුව.

උදාහරනෙකට godaddy එකේ 2.99 USD ගෙවන්න වෙන “.info” domain එක 0.88 USD වගේ මුදලකට ගන්න පුළුවන් මේ namecheap එකෙන්. ඒ වගේම hosting service එකත් හරිම සාදාරන ගානක් තමයි අය කරන්නේ.

මේකේ තියෙන අඩුම hosting package එකෙත් (VALUE) 20GB SSD-Accelerated Disk Space එකක්, Unlimited bandwidth සහ websites 3 ක් දක්වා හොස්ට් කරන්න පුළුවන්.  සමස්තයක් විදියට ගත්තම ලංකාවේ සල්ලි වලින් Rs.1500/= ක් වගේ මුදලකට අවුරුද්දකට ඇතිවෙන්න hosting එක ගන්න පුළුවන්, ඔයාගේ websites වලින් යම්කිසි අදායමක් ලබද්දී ඔයාට පුළුවන් ටික ටික මේක upgrade කරගන්න 🙂 මම පහලින් දාල තියෙනවා discount code ටිකක්, ඒවා පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට.

අනිත් වැදගත්ම දේ තමයි අපිට 24/7 Live Support එකක් ලබා දෙනවා අපිට යම් ගැටළුවක් අවොත් 🙂 මේකේ ඉන්න හරිම හොද අක්කල/අයියල ටිකක් (සිරාවටම) .

මෙන්න තියෙනවා ඔයාලට April, 1 සිට April, 30 දක්වා use කරන්න පුළුවන් හොද  Coupon codes ටිකක්.

Offer:  Up to 10% OFF – special pricing on registrations/transfers of popular TLDs (com/net/org/biz)
Code:  BREEZY

Offer: 15% OFF Shared Professional Hosting
Code: APROHOST

Offer: $5 OFF Shared Ultimate Hosting
Code: EA5TER

Offer: 40% OFF VPS & Reseller Hosting (1st billing cycle)
Code: RAIN8OW

ඉතින් මොනවා හරි ගැටළුවක් තියෙනවනම් මේ ගැන comment එකක් හෝ facebook message එකක් දාන්න, පුළුවන් විදියට හැමෝටම reply කරන්නම් 🙂

** තව විශේෂ දෙයක් තියෙනවා, දැන් ගොඩක් අයට Fiverr එකෙන් Mobile verification warning එනවනේ,

ඉතින් මේක USA වගේ account තියෙන අයටනම් පොඩි අවුලක් ඇතිනේ කොහොමද මේක කරන්නේ කියල. මේකට ඔයාල බයවෙන්න දෙයක් නෑ, ඔයාලගේ ලංකවේ number එකට verify කරගන්න. country කේස් එකක් වෙන්නේ නැහැ. USA numbers වලින් verify කරනවානම් හොදට මතක තියාගන්න, password/paypal වගේ change කරද්දී සමහර වෙලාවට mobile එකට massage එකක් එවනවා verify කරගන්න. අන්න ඒ නිසා ඉතින් ඔයාල ලග තියෙන number එකෙන් verify කරන්න කිවේ, එහෙම නැත්තම් ඒ risk එකත් ගන්න වෙනවා.

මේකට වෙනත් විකල්ප තියෙනවනම් share කරගන්න අපිත් එක්ක 🙂

මීලග ලිපියෙන් අපි නොදන්න අයට දැනගන්නත් එක්ක Online මිලදී ගැනීම් වලදී අපිට නැතුවම බැරි “Honey” ගැන කතා කරමු 🙂

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *