Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

Freelancer Contest වල නොදන්න දේවල් | eMoney කුප්පිය #11

 

1

#freelancer එකට අලුත් අයට ලේසි වෙන්න නිසා මේ විදියට මේ කුප්පිය දාන්නම්, මොකද මේක අලුත් අයට ටිකක් තේරුම් යනවා අඩුයි. මේකෙන් කව්රු හරි ප්‍රයෝජනයක් ගන්නවානම් අන්න එකයි වැදගත්,

මුල් ලිපිය බලල නැත්තම් මෙතනින් බලන්න

හරි අපි කතාවට බහිමු. ඔන්න දැන් කථාකරන්න යන්නේ, අපි දන්න, අපිට ගැලෙපෙන category එකක් යටතේ ගැලෙපෙන contest එකක් තෝරාගන්න විදිය. :love:

freelancer.com ලොග් උනාම අපිට ලැබෙනවා මෙන්න මේ වගේ Menu එකක් . එකෙන් Work (1)කියන category එක යටතේ තියෙන Browse Contest (2)කියන option එක select කරන්න.

2

 

ඊට පස්සේ අපිට එනවා අපිට අවශ්‍ය විදියට මේ listing එක සකස් කරගන්න option එකක් මෙන්න මේ වගේ ( පහල screenshot එක බලන්න )
එකේ Skills කියන තැනට(3) යොදන්න ඕනි අපිට මොන වගේ contest ද තෝරාගන්න අවශ්‍ය කියන එක. ( උදා: LOGO design කරන අය Logo design, web design කරන අය website design )

3

 

දැන් කරන්න තියෙන්නේ ඔයාට මේ listing එකෙන් අවශ්‍ය contest එක select කරගන්න එක. මේකෙදි එන මේ විස්තර ගැන පොඩ්ඩක් දැනගමු.

Bids/entries: මේකෙන් කියන්න දැනට මේ contest එකට items කියක් submit කරලද කියන එක. ( උදා: logo contest එකක්නම් දැනට logos මෙච්චරක් ඇතුල් කරලා.)

Started: මේ contest එක පටන් ගත්ත වෙලාව/දිනය. මේකෙදි විශේෂයෙන් පහලින් රතු පාටින් සලකුණු කරන්නේ මේ contest එක තව කොච්චර වෙලාවක් වලංගුද කියන එක. ඒ කාල සීමාව තුල පමණයි ඔයාලට items submit කරන්න පුළුවන්.

Price(USD): දිනුම් අවශතාව සදහා ලැබෙන ත්‍යාග මුදල. වරහන් ඇතුලේ දාන්නේ එම ත්‍යාග මුදලට අයත් මුදල් ඒකකය.

4

 

දැන් අපිට ගැලපෙන contest එක තෝරගත්තම ඒ තෝරගත්ත contest එකේ details තියෙන page එකක් openවෙනවා මෙන්න මේ වගේ,

5

 

මේකේ මුලින්ම ලොකුවට තියෙන්නේ contest එකේ title(1) එක. එක හොදට බලන්න, සමහර වෙලාවට කොලේ වහල ගහන සුදු මහත්(හොරු) ඉන්නවා. සමහරු #logo එකයි, #business card එකයි දෙකම ගන්න හදනව සොච්චමක් දීල.

දකුණු පැත්තේ උඩම (2)තියෙන්නේ මේ contest එක ඉවර වෙන්න තව කොච්චර වෙලාවක් තියෙනවාද කියන කාරණාව. ගොඩක් වෙලාවට මේකේ OPEN විදියට තියෙන්නේ contest එක ඔපෙන් නිසා. සමහර වෙලාවට Pending වගේ තිබ්බොතින් එතැනදී කියන්නේ contest එක ඉවරයි, නමුත් client ගේ අවසාන තීරණය ඉදිරිපත් කරන්න එයට දීල තියෙන කාල සීමාව. ඒ නිසා ඒ දෙක පටලගන්න එපා.

contest brief එකේ (3)තමයි ගොඩක් වෙලාවට client ගේ අවශ්‍යතාව සදහන් කරන්නේ, (පහල තියෙන Public Clarification Board එක ගැනත් අවදානෙන් ඉන්න, මොකද සමහරු එතනත් විස්තර දානවා )

Join Contest (4)කියන option එකෙන් තමයි අපි හදන item එක contest එකට submit කරන්නේ. එක ගැන ඉදිරියේදී දාන්නම් වැඩි විස්තර. දැනට අපි මුලික දේවල් බලල ඉමු.

Contest hosted by කියන කොටසේ(5) තියෙන්නේ client ගේ විස්තර.

Price/USD කියන්නේ(6) contest එකේ දිනුම් අවශතාව සදහා ලැබෙන ත්‍යාග මුදල. වරහන් ඇතුලේ දාන්නේ එම ත්‍යාග මුදලට අයත් මුදල් ඒකකය. ( ඉස්සෙල්ලත් කිව්වේ ඉතින් ඕක :trollface: )

Entries එකෙන් (7)දැනට ලැබී ඇති items ගාන තමයි පෙන්නන්නේ ( reject කරපුවත් එක්ක සම්පුරණ එකතුව )

මේකේ විශේෂයන් මේ #Private කියල label එකක්(8) දල තියෙන්නේ මේ contest එක බලන්නනම් අනිවරෙන්ම freelancer ගිණුමට ඇතුල් වෙලා ඉන්න ඕනි කියන එක. ඒ වගේමයි Guaranteed කියන label එකත්(9). මොකද මේ #guaranteed label එක යටතේ තියෙන contest ආරක්ෂිතයි. winner select නොකර මාරු වෙන්න බැ buyer ට. මොකද contest එක guaranteed නම් contest එකේ winner තොරලත් නැත්තම් top ඉන්න අයට contest එකේ සල්ලි බෙදල දෙනවා.

මේ blank 5 star තියෙන්නේ (10) මේ client ට දැනට #feedback මොකුත් නැති නිසා. සමහරවිට මේක මෙයාගේ මුල්ම contest එක වෙන්න පුළුවන්.

එතනින් පහලට වෙන්න මෙන්න මේ වගේ තව මෙනු එකක් තියෙනවා. මේකේ තමයි දැනට submit කරපු items තියෙන්නේ.
(ගොඩක් වෙලාවට මේකේ අනිත් අය ඉදිරිපත් කරපු samples අපිට බලන්න පුළුවන් sealed ඒවා ඇරෙන්න )

6

 

මේකෙත් තියෙනවා පුංචි menu එකක්, එකත් පිලිවෙලින් කියන්නම්.

All: මේ contest එකට දල තියෙන සේරම items ප්‍රමාණය.
My Entries: ඔයා මේකට දැනට දාල තියෙන ප්‍රමාණය.
Active: දැනට වලංගු items ප්‍රමාණය.
Top: feedback 4 ත් 5 ත් අතර ඇති items ප්‍රමාණය.
Rejected: මේ contest holder විසින් ප්‍රතික්ෂේප කරපු items ප්‍රමාණය ( ඇඩෙනවා 😥 )
Withdrawn: items submit කරපු අයම ඒවා ඉවත් කරගත්තම withdrawn විදියට තමයි පෙන්නනේ.

දකුණුපස කෙලවර order by කියල(7) තියෙන්නේ මේ listing සකස් වෙන්න ඕනි පිළිවෙල.

අපි item එකක් submit කලාම contest holder ට පුළුවන් rate කරන්න. එහෙම කරන ඒවා තමයි මේ :star: :star: :star: :star: :star: star මාර්ක් විදියට තියෙන්නේ. එත් එක්කම පහලින් Like ගානත් පෙන්නවා. මෙන්න මේකනම් හරිම වටිනවා දැනගන්න එක. මොකද අපි හිතමුකෝ ඔයාට 5 star feedback එකක් ලැබුන කියල. එතකොට උඩින්ම පෙන්නන්නේ 5 ස්ටාර්ස් feedback තියෙන අයවනේ. එතකොට ඔයත් ඒ අය අතර ඉන්නවනේ. හැබැයි මේ අය අතර මුලින්ම ඉන්නනම් ඔයාට සිද්ද වෙනවා ඔයාගේ likes ප්‍රමාණය වැඩි කරගන්න. මොකද වැඩිම likes තියෙන කෙනා තමයි මුලින්ම ඉන්නේ. හොදට බලන්නකෝ screenshot එකත්. 😉 ඉතින් 4-5 star feedback එකක් තියෙනවනම් යාළුවෙක්ගෙන් ඉල්ලගන්න like එකක් :trollface:

හිතුවට වඩා දිග වැඩි උනා, මීලග කුප්පියෙන් කියල දෙන්නම් කොහොමද අපි හදපු item එක contest එකට submit කරන්නේ කියල.

ප්‍රශ්න තියෙනවනම් හිත හිත ඉන්න එපා, comment එකක් දල අහන්න 🙂

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *