Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

Freelancer වලට පොඩි තල්ලුවක් දෙන්නද ? | eMoney කුප්පිය #10

1

#Freelancer.com කියන්නේ දැන්නම් එක්තරා කොට්ටාශයක් විසින් විනාසයට ගෙනියන site අතරින් එකක්. ( fiverr කරන අපේ මහත්වරුත් දන්නවා මම මේ මොකක් ගැනද කියන්නේ කියල) මම එහෙම කියන්න එක හේතුවක් තමයි,
එයාල මෙන්න මේ වගේ ලොකු කතා දානවා එයාලගේ profile එකේ, ” I’m an expert and talented graphic designer and a corporate identity developer” 😐 හැබැයි එයාල කරන්නේ Google search එකෙන් එන හොද logo trace කරලා color වෙනස් කරලා අලුත් Name එක ගහල සුද්දා වගේ delivery කරනවා. ඉතින් client දන්නේ නෑ මේක හොර ඒවා කියල, සල්ලිත් release කරලා feedback එකත් දීල දවස් ගානකට ( සමහරු අවුරුදු ගානකට ) පස්සේ තමයි ඔන්න දැනගන්නේ, ඉතින් එතකොට මොකද කරන්නේ ?

කොහොමින් කොහොම හරි වාහන වල එහෙම logo එක print කරලා, business card හදල, හොද advertising එකක් එහෙම කරලනම් එහෙම මොකද එයා කරන්නේ ? ( අපේ අයනම් දැන් fiverr එකෙත් ඕකමනේ කරන්නේ :tongue: ) ඉතින් මේ වගේ අපරාධනම් කරන්න එපා. මොකද එක client ට අපි ගැන තියෙන විස්වාසේ රැකගන්න ඕනි අපිට field එකේ ඉසරහට යන්නනම්. අනික මේක පව්. කියෙව්වා ඇති, දැන් කුප්පියට බහිමු.

ඉතින් මේ #freelancer කියන්නෙත් fiverr වගේම හොද marketplace එකක්, දැනට fiverr වලට වඩා වෙනස් පහසුකම් රැසක් තිබුනත් ඒ හා සමාන ගොඩක් පහසුකම් තියෙනවා, නමුත් එක කොතරම් සාර්ථකද කියන්නනම් අමාරුයි.

මෙතනින් බලන්න freelancers

fiverr වගේ ගිග් listing එකකුත් තියෙනවනේ Services

මේකෙදි Projects වලට Bid කරාට සේරම reject වෙනවා කියන එක ඉතින් කව්රුත් දාන්න දෙයක්නේ, ඉතින් එකට තියෙන ලොකුම හේතුවක් තමයි අපේ Profiles complete නැතිකම, මුලිකවම feedback නැතිකම. ඉතින් අපි අද බලමු වටේ යන්නේ නැතුව feedback ටිකක් හදාගන්න හැටි, මොකද අපේ profiles වල feedback නැතුව client කෙනෙක් කොහොමද අපිව විස්වාස කරන්නේ ?

ඉතින් මේකේ තියෙනවා Contest කියල වෙනම කොටසක්, Graphic කරන අයට තමයි මේකේ වැඩි වාසියක් තියෙන්නේ, එත් කමක් නෑ. පුළුවන් අය උත්සහ කරන්න. මේකේ ඇත්තටම සිද්ද වෙන්නේ client ගේ අවශ්‍යතාවට අනුව මේ contest එකක් submit කලාම logo නිර්මණකරුවන් තම තමාගේ නිර්මාණ මෙයට එක් කරනවා. මේ අතරින් client ගේ කැමැත්ත මත හොදම නිර්මාණය තේරීමක් සිදුකරන අතර එයට පොරොන්දු වූ මුදල නිර්මණකරුට ලැබෙනවා.

මේ තියෙන්නේ ඒ වගේ දිනුම් අවස්ථා ලැබුන logo ( මගේ නෙවෙයි හොදේ :smiley: )

2

 


3


4


5


6


7


8


ඇත්තටම මේ logo වල මහා දෙයක් නැතත්, client ගේ අවශ්‍යතාව හරියට අදුනගෙන ගොඩක් මහන්සි වෙලා තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ,
ඉතින් හිතල බලන්න, අපිත් උත්සහ කරොත් මේ වගේ දිනුම් අවස්ථාවක් ලබාගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.

පුළුවන් අය උත්සහ කරලා බලන්න : මෙන්න ලින්කුව

උත්සහ කරන්න, මේකෙන් වාසි දෙකක් තියෙනවා,
1. WIN කලොත් වටිනා feedback එකක් ලැබෙනවා, එකෙන් Account එකත් rate වෙනවා.
2. අතට මහන්සියට සරිලන ගානකුත් ලැබෙනවා.

ප්‍රශ්න තියෙනවනම් අහන්න,

මේකේ contest submit කරන විදිය ගැන ලිපියක් ලියන්නත් තියෙනවා. ඒකත් ඉක්මනට ලියන්නම්.

ගිහින් එන්නම්, ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting

Add a Comment

Your email address will not be published. Required fields are marked *