Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

100% Response Rate එක තියාගන්න පුලුවන්ද ? | Fiverr කුප්පිය #9

 

1

#Fiverr ගැන කතා කරනකොට මේ දේවල් ගැන කතා නොකර ඉන්න පුලුවන්ද ඉතින්. ගොඩක් අය සාර්ථක වෙලා හිටියත් සමහරු කියන්නෙම “තාමත් එක order එකක්වත් ආවේ නැහැනේ බං” කියලනේ, ඉතින් ඒ අය පොඩ්ඩක් මේ දේවල් ගැන වැඩිපුර හිතන්න. මොකද අපෙන් වෙන පුංචි අඩුපාඩුව, සමහර විට ඔයාගේ ගිග් list එකෙන් පහලටම විසි වෙන්න ඉඩකඩ තියෙනවා. බලන්න පහල screenshot එක පොඩ්ඩක්.

2

 

නිතර order එන කෙනෙක්ටනම් මේක එච්චර දැනෙන එකක් නැහැ, මොකද මේ Response Rate වගේ දේවල් පහුගිය දවස් 30 පුරාවට ලැබුන Messages/offers මත තමයි තීරණය වෙන්නේ. අපි මේකේ තියෙන දේවල් පොඩ්ඩක එකින් එක බලමු.

Positive Rating: මේ ගැන අපි කලින් කතා කරලා තියෙනවා. පොඩ්ඩක් බලන්න ඒ කුප්පිය 100% ක් Positive Feedback | Fiverr කුප්පිය #5

Response Time: මේකේදී මේ Response Time කියන දේ තීරණය වෙන්නේ අපි කොපමණ කාල සීමාවක් ඇතුලත #client එවන Messages/offers වගේ දේවල් වලට reply කරනවද කියන එක මත. ( හොදට මතක තියාගන්න, මේක දැනට වලංගු වෙන්නේ අපිට අලුත් buyer කෙනෙකුගෙන් එන මුල්ම Message/offer එකට විතරයි – Response Time is the average amount of time in hours that it takes for a seller to send a first response) මම මේකට වෙනම පොඩි කුප්පියක් දාන්නම් මේක පාලනය කරගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා.

Response Rate: මේකෙදී මේ Response Rate එක තීරණය වෙන්නේ මාසයක් තුල (30 days)අපිට එන Messages/offers වලින් කොපමණ ප්‍රමාණයකට අපි පැය 24 ක් ඇතුලත ප්‍රතිචාර දක්වලද කියන සාදකය මත. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි spam messages, :rage:

3

 

මේකට reply කරන්නත් බැහැ, හැබැයි reply නොකරොත් Response Rate එකත් අඩු වෙනවා. ඉතින් ඒකට කරන්න තියෙන හොදම දේ තමයි තාවකාලිකව unspam request එකක් යවල, අව message එකට reply කරන එක. පස්සේ අයෙම ඕනිනම් spam කියල mark කරන්න. :trollface:
ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ එකම msg එක ගොඩක් දෙනෙක්ට යවපුවම. ඒ කියන්නේ අපිට ආව message එකම තවත් අයට එයා යවල කියන එකනේ.

Orders Completed: මේකෙන් කියන්නේ අපි ආව orders වලින් කොච්චරක් සාර්ථකව complete කරලද කියන එක. positive feedback උනත් negative feedback උනත් මේ complete orders ගොඩට තමයි මේවත් වැටෙන්නේ.
තව දෙයක්, මේක calculate වෙන්නේ ඔයාගේ account එක හදපු දවසේ ඉදන් ආව orders වලින්. මුල් ඒවා වගේ දවස් 30 නම් නෙවෙයි.

Delivered on Time: මෙන්න මේ Delivered on Time කියන එකනම් තීරණය වෙන්නේ මාස 2 ක් තුල (60 days) ඔයට එන orders වලින් කොපමණ ප්‍රමාණයක් ඔයා පොරොන්දු උන වෙලාවට deliver කරලද කියන කාරණය මත. order එක late උනොත් ඔන්න ඔයාට අවාසියක් වෙන ප්‍රදානම තැනක්. මොකද මේ සේරම විස්තර Fiverr editorial team එකට පෙන්නනවා,

වැරදි අඩුපාඩු ඇතොත් කරුණාකර ඒවා පෙන්නලා දෙන්න 🙂

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
Tags:

Add a Comment

Your email address will not be published. Required fields are marked *