Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

බේතට වගේ තියෙන Adsence ගිණුම පරිස්සම් කරගමුද ? | Adsense කුප්පිය #4

google-adsense-review-publishers

දවසින් දවස සීග්‍රයෙන් දියුණුවෙන ad network එකක් තමයි මේ Adsence කියන්නේ. ඉතින් මේ ගැන ගොඩක් ය දැන් දන්නවනේ, අනික ගොඩක් බ්ලොග් වල මේ ගෙන කතා වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන ලොකුවට කියවන්න ඕනි නැහැනේ. දැන් කව්රුත් දන්නවනේ adsence ගැන. දන්නේ නැත්තම් මෙතනින් පරණ කුප්පි ටික කියවල බලන්න

Adsence ad network එක දවසින් දවස දියුණු වෙනවා වගේම තමයි adsence නීති රීතිත් දවසින් දවස අලුත් වෙනවා. ඉතින් මේ අලුත් වෙන නීති රීතිත් එක්ක මේ ගිණුම පරිස්සම් කරගන්න එකනම් දැන් ටිකක් අමාරු වැඩක්. මොකද අපිට වල කපන්න බලන් ඉන්න අයත් වැඩි, සහ අපි කරන වරදී දේවලුත් මේකට මුලික වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ අපෙන් වෙන වැරදී අඩුපාඩු මගහරවා ගන්න විදිය. 😐

Google Adsence ගිණුම ban වෙන්න නොදී පරිස්සම් කරගන්නේ කොහොමද ?

මුලිකවම ඔබ ඔබගේ වෙබ් අඩවියේ අඩංගු කරුණු කාරනා ගැන අවදානෙන් සිටීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ අතර කොහෙන්වත් කොපි කරලා, නීති විරෝදී දේවල් ඇතුලත් නොකර,adsence නීති මාලාව ගැනද නිතර අවදානෙන් සිටීම ඉතා වැදගත්. ඒකට හේතුව තමයි මේ හැම දෙයක්ම නිතර update වෙනවා.
ඉතින් අපිව දොට්ට දාන්න :sweat: හේතු සිය ගණනක් තිබ්බත් ඒ අතර ප්‍රදානම දේවල් 5 ක් ගැන අපි අද කතා කරමු. ඒ කෙසේ වෙතත් එයාලාගේ අවම Withdraw ලිමිට් එක $100යි, අන්න ඒක පිරෙන්න කිට්ටු වෙද්දී තමයි අපෙන් පලිය ගන්නේ :weary:

 

1. Adsence ad වංචා සහගතව click කිරීම්.

 

මම හිතන විදියටනම් ban වෙන අයගෙන් 70% වගේ ban වෙන්නේ මේ හේතුව නිසා. අපි කාව රැවට්ටුවත් adsence නම් රවට්ටන්න බැ. මොකද එයාල එයාලගේ දැන්වීම් කරුවන් ආරක්ෂා කරන්නනම් අනිවාර්යෙන්ම මේ fake/invalid clicks එන එක නතර කරන්න ඕනි. මේ tracking system එකෙන් මෙයාල අපේ ඇඩ්ස්, clicks, වෙබ් browser වගේ හැමදෙයක්ම track කරනවා.

ඉතින් වැරදීමකින් අපේ ඇඩ්ස් click උනත් අපිට සිද්ද වෙනවා Adsense support team එකට ඒ ගැන දැනුම් දෙන්න :trollface: මේකනම් විහිළුවක් තමයි, එත් අපේ මතු ආරක්ෂාව වැදගත් :expressionless: මේ හැමදේටම වඩා.

 

2. අසභ්‍ය දේවල් හෝ Nulled scripts ඇතුලත් කිරීම.

 

ගූගල් මෙතෙක් අසභ්‍ය දේවල් (ඡායාරූප, වීඩියෝ, gifs) ඇතුලත් කරන්න අවසර දී නැහැ. ඉතින් බොහෝ විට මේ වගේ දේවල් පළ කිරීමෙන් පැය කිහිපයක් ඇතුලත ඔබේ ගිණුම තහනම් කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන අවදානෙන් ඉන්න. Google පවසන ආකාරයට මෙවැනි ෆොටෝස් ඇතුලත් කරනවානම් Photoshop වැනි මෘදුකාංග භාවිතයෙන් ලිංගික පෙදෙස් ආවරණය කිරීමක් කිරීම අනිවාර්යයි. විකල්ප ලෙස මේ සදහා වෙනත් ad network භාවිත කිරීම කල හැක.

තවද nulled scripts, themes, software වගේ දේවල් ඇතුලත් කරන්නත් එපා. කිසිවිටෙක google එය අනුමත කරන්නේ නැහැ.

 

3. හිමිකම් උල්ලංඝනය

 

මූලික වශයෙන් වෙනත් වෙබ් අඩවි වල අන්තර්ගතය පිටපත් කර තමන්ගේ වෙබ් අඩවියේ පල කිරීම කිසි විටෙක සිදු කොකළ යුතුයි. ඔබ එසේ කළහොත් ඔබේ Adsense ගිණුම තහනම් කරන්න පුළුවන්.
photos වගේ දේවල් පාවිච්චි කරන්න අවශ්‍යනම් නොමිලේ ලබාදෙන ඒවා පාවිච්චි කරන්න. Google result එකෙන් එන ඒවා නෙවෙයි. ඒ වෙනුවට වෙනත් වෙබ් අඩවි තියෙනවා. (https://pixabay.com)

 

4. දැන්වීම් දර්ශනය කරන ස්ථාන

 

වෙබ් අඩවියට එන නරඹන්නන් ආකර්ශනය කර ගැනීම සදහා ඔබේ LOGO එක වෙනුවට හෝ Related posts අතර දැන්වීම් පල කරන්න එපා. හැමෝම මේක කරනවා, එත් මේකත් වැරද්දක විදියට තමයි Google සලකන්නේ.
තව floating scripts වගේ දේවල් එක්ක මේ දැන්වීම් දර්ශනය කරන්න ad codes දාන්න එපා.
ඇත්තටම වෙබ් අඩවියට එන අය අපහසුතාවයට පත්වෙන විදියට මේවා දැමීමෙන් සිද්ද වෙන්නේ අවසානේ අපේ adsence ගිණුම තහනම් කරන එක. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙන්න. තව ඇඩ්ස් click කරන්න බල කරන්නත් බැහැ.

 

5. වෙනත් ad networks හෝ Multiple accounts භාවිතය

 

Adsence ගිණුම් 1 ට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කිරීම කිසිම විටෙක නොකළ යුතුයි. එහෙම කලොත් ඉතින් මොකද වෙන්නේ කියල දන්නවනේ. වෙනත් ad networks වල ඇඩ්ස් එහෙම දාන්නත් බැ Adsense එක්ක. මේ හැම දෙයක්ම එයාලගේ terms වලට විරුද්දයි.

ඉතින් අලුත් කුප්පියකින් හමුවෙමු.

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting

Add a Comment

Your email address will not be published. Required fields are marked *