Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

පිස්සු හැදෙන ගිග් එකක් හදමු NEW | Fiverr කුප්පිය #7

පිස්සු හැදෙන ගිග් එකක් හදමු කුප්පිය #3

මුලින්ම මම මේ ටික කියන්නම්, කව්රුවත් කරන පලියට ඔයාල ගිග්ස් දාන්න එපා, ඔයාට මොකක්හරි හැකියාවක් ඇතිනේ අන්න ඒ දේට මුල් තැන දෙන්න. නැත්තම් සාර්ථක වෙන්න අමාරුයි. කිසිම හැකියාවක් නැතිනම් Youtube පාවිච්චි කරලවත් මොනවා හරි දෙයක් ඉගෙනගන්න බලන්න.
හොදට මතක තියාගන්න, මේක නිකන් ඉදලනම් සල්ලි හොයන්න බැහැ රජෝ. :trollface:

traffic, social media කරන්නනම් මහන්සි වෙන්න ඕනි නෑ කියනවනම්, එකත් පට්ට පල් බොරුවක්. මොකද මේ field එකෙත් ගිග්ස් කරගන යද්දී එන ප්‍රශ්න එමටයි. ඒවාට උත්තරත් තමන්ම හොයාගන්න ඕනි.
( උදා : ඔයා express gig එකකින් followers sell කරනවා කියල හිතන්නකෝ, ඔන්න හදිසියේ API update එකක් ඇවිත් bot,smmpanels වැඩ කරන්නේ නැති වෙනවා, මළා :open_mouth: දැන් මොකද කරන්නේ ? )

ඉතින් ඔන්න ඕකයි පරම සත්‍ය 😐

හරි, දැන් අපි ගිග් එකක් දාලම බලමු එහෙනම්,

පියවර 1

“start selling” බටනය click කරන්න

1

 

ඔන්න එතකොට මෙන්න මේ වගේ page එකක් open වෙනවා.

2

 

මෙන්න මේ පහල තියෙන section 5 ම හරියට fill කරන්න ඕනි, අපි බලමු එකෙන් එක

3

 

 

:star: කොහෙන්වත් ගිග් කොපි කරලනම් දාන්න එපා, unique title, description, gig extras දාන්න බලන්න පුළුවන් තරම්, ගිග් එක හරිම තැනක ( recommend listing) ලිස්ට් වෙන්නනම් මේ දේ අනිවරෙන්ම පිළිපදින්න. අනික වෙන කෙනෙක්ගේ එකක් copy කරලා අහු වෙලා ඔයාව report කලෝතින් සේරම වතුරේ. :confounded:

GIG TITLE : කෙටියෙන් අර්ථවත්ව ඔයාගේ service එකට අදාල TITLE එකක් දාන්න.

4

 

Category : ඔයාගේ service එකට අදාල Category එක select කරන්න.

5

 

Description: මේකෙදිනම් පුළුවන් තරම් හිතල ඔයාගේ සේවාව ගැන විස්තරයක් ලියන්න. මේ ගැන විස්තර පිස්සු හැදෙන ගිග් එකක් හදමු කුප්පිය 3 තුලින් ලබාගන්න පුළුවන්. මම දාපු එක එහෙම ඔයාල දාන්න එපා, එක නිකන් දල අදහසක් ගන්න විතරයි.

6

 

Tag: service එකට ගැලපෙන keywords ටිකක් දාන්න

7

 

පියවර 2

මේ තියෙන්නේ gig එකේ වැදගත්ම කොටසක්, අලුත් අයට ටිකක් තේරෙනවා මදි ඇති, ගැටළු තියෙනවනම් අහන්න. ( gig එකට දාන title එක මොකක්ද කියලනම් අහන්න එපා, එතකොට ඉතින් විලිලේජ්ජාවේ සන්තෝසේ බැරුව යනවනේ :smiley: )

දැන් ඉස්සර වගේ නෙවෙයි, ඔයාට පුළුවන් package 3 ක් add කරන්න 😐 ලෝගෝ කරන අයගේනම් කල්ල මරේ
ඉතින් එක ඔයාලට ඕනිනම් #1 දකුණු පැත්තේ උඩම තියෙන button එකෙන් active කරගන්න පුළුවන්.

Name your package: single package එක කරත් package එකට නමක් දාන්න ඕනි. මමනම් ලේසියට කරන්නේ package 3 නම් කරන්නේ එයාලම දෙන විදියට. ( STANDARD – PREMIUM – PRO ) ඉතින් single එක නිසා “Name your package” (#2) කියන තැනට Standard කියල දානවා, මේක කොච්චර දුරට හරිද කියලනම් දන්නේ නැහැ.

Describe the details of your offering: මෙතනට #3 title එකක් විදියට කෙටියෙන් දාන්න ඔයා gig එක ගන්න කෙනාට දෙන දේවල්.

Delivery time: මේකෙදි (#4) ඔය order එක complete කරන්න ගන්න වෙලාව දෙන්න, ඒ කිවේ order එක delivery කරන වෙලාව. gig එක rate කරගන්නකන්වත් පැය 24 ක් වගේ දාන්න. මොකද ගොඩක් වෙලාවට එන්නේ හදිසි කාරයෝ :blush: හොදට orders එන කලෙටනම් ඉතින් ඕක 2 days කරලා extra fast delivery එක 1 day කරලා එකට ඉතින් කැමති ගානක් ඉල්ලන්න පුළුවන්නේ :trollface:

අනිත් option ටිකනම් field එකට අවශ්‍ය විදියට වෙනස් වෙනවනේ, ඒවත් පිළිවෙලට හදාගන්න, අමාරු තැනක් තිබ්බොත් අහන්න :weary:

Price: ඉතින් මම මුලින් කිව වගේ එක පාරට හද අල්ලන්න යන්න එපා, මෙතනට $5 (#5) ක් වගේ ගානක් දාගන්න, ( standard package එකේ) මොකද මොනවා කරන්නත් ගිග එක rate වෙන්නත් ඕනිනේ.

8

 

 

My Gig Extras:

 


මේකෙන් පුළුවන් ඔයාට gig එකට තව තව අමතර දේවල් එකතු කරලා අදායම වැඩි කරගන්න :joy: මේකේ තියෙන සේරම විස්ටර කරන්න යන්නේ නැහැ ( කම්මැලි :pensive: ) අනික category එකෙන් එකට මේවා වෙනස් වෙනවනේ.

+add gig extra මේ option එක ( #1 ) උඩ click කලාම එනවා option එකක් extra field add කරන්න. ඔයාගේ level එකට අනුව තමයි තීරණය වෙන්නේ කොච්චර පුලුවන්ද කියල. වම පැත්තේ තියෙන කොටුව( #2 ) click කරාම තමයි එක active වෙන්නේ.

දැන් ඒ ආව කොටසේ ( #3 ) ඔය දෙන service එක දාන්න ( ex : i will add 3 different color styles )

for an extra: මේකෙන් ( #4 )තීරණය කරන්න ඒ extra එක වෙනුවට අය කරගන්න ඕනි මුදල.

add additional: standard package එකේ delivery කරන වෙලාවට අමතර කාලයක් ඕනිනම් මේකෙන් ( #5 ) පුළුවන් add කරගන්න. ඒ විදියට ඔයාගේ ගිග් extra එක customize කරගන්න හැකියාවක් තියෙනවා.

9

 

පියවර 3

Requirement: මේකෙදි ඔයාට තියෙන්නේ ඔයාට order එක දෙන කෙනාගෙන් ගන්න ඕනි විස්තර ටික පිලිවෙලින් ඉල්ලන්න. මේකනම් හරිම ලේසි. දැන් අලුත් option නිසා ඔයාට පුළුවන් client ගෙ අවශ්‍යතාව හරියටම දැනගන්න. ලෝගෝ කරන කෙනෙක්ට වගේනම් ඉතින් logo title,slogan, colors, product details වගේ දේවල් ඉල්ලන්න පුළුවන්නේ,

answer type: මේකෙදි මේ විස්තර text එකක් විදියට හරි attachment විදියට හරි ඔයාට ඉල්ලන්න පුළුවන්

10

 

පියවර 4

Gallery: මේකෙදි අපි gig එකේ display කරන්න ඕනි banners 3 ක් add කරන්න පුළුවන්.

:warning: අනිවරෙන්ම මෙන්න මේ ගැන සැලකිලිමත වෙන්න.

:star: You must own the image copyrights – ඔයාගෙම නිර්මාණයක් යොදාගන්න, මොකද දැන් තරගේ වැඩි, අපිට වැඩක් දෙන්න බලන් ඉන්න අයියලත් ඕනි තරම් ඉන්නවනේ.

:star: Allowed formats are JPEG, JPG and PNG – මෙන්න මේ format වලින් හදන්න banners හදද්දී.

:star: Dimensions: 550 pixels in width, 370 pixels in height. – banner එක 550 x 370 ට වඩා වැඩි එකක් ගන්න.

 

මීට අමතරව video එකක්, PDF files වගේ දේවල් උනත් දැන් add කරලා තියන්න පුළුවන්.

11

පියවර 5

දැන් ඉතින් දෙයියනේ කියල gig එක හදල ඉවරයිනේ, ඉතින් මොකටද තවත් බලන් ඉන්නේ. ඔබන්න ( publish Gig button එක :trollface: )

12

 

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
Tags:

Add a Comment

Your email address will not be published. Required fields are marked *