Namecheap.com

eMoney කුප්පිය

කඩ්ඩෙන් කොටා ඩොලර් හොයන හැටි | eMoney කුප්පිය #7

By  | 

 

1

iWriter කියන්නේ සල්ලි ගහක්. එක එක ප්‍රමානයේ ගෙඩි තියෙනවා. අපට කරන්න තියෙන්නේ තමන්ට හැකි ප්‍රමාණයේ ගෙඩි කඩාගෙන කන්න. නිකන් කාලා බෑ, කඩුවෙන් කොටලයි කන්න ඕනේ. ගිය දවස් ටිකේ ලොකු ලොකු ගෙඩි ටිකක් මං කඩාගත්තා. ඔන්න පල්ලෙහා දාලා තියෙනවා බලන්නකෝ.

2 3

 

iWriter හි යාන්ත්‍රනය

Freelancer Writing වෙබ් අඩවියක්. වචන 300, 500 හා 700 ලිපි ලියන්න පුලුවන් ඒ ලිපි වලට $2 සිට $5 දක්වා මුදලක් ගෙවනවා. වෙබ් අඩ්විය ගන්නේ ඉතාම සුලු මුදලක්, 10% ක් විතරයි. ලෝකේ ඕනෑම කෙනෙකුට ලිපි ලියන්න පුලුවන්. සමහර ලිපි හොද නැත්නම් Reject කරනවා. එතකොට හුලං තමයි. ගොඩක් ලියන්න දෙන්නේ තාක්ශනික ලිපි. අන්තිමට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි පුලුවන්නම් ගොඩ තමයි කියලා.

ගෙවීම් ලබන්නේ කොහොමද?

පොඩි පරහකට තියෙන්නේ මේක තමයි. පේපැල් හරහා ගෙවීම් කරන්නේ. අපිටනම් ඉතින් හොර පේපැල් ගිනුමක් හදාගන්න වෙනවා. ඒකෙන් මොනවාහරි බඩු මුට්‍ටුවක් ගෙන්නගන්න තමයි වෙන්නේ. Min Cash-out එක $20 යි. සතියකට, සති දෙකකට, මාසෙකට සැරයක් ගෙවීම් ලැබෙන විදියට Settings හදාගන්න පුලුවන්.

iWriter හි නීති හා රෙගුලාසි

1) Signup, Write, Withdraw මේ හැම දේම FREE.
2) ලියන සියලුම ලිපි Copyscape පාස් විය යුතුයි (Uniqueness Score ~ 75%).
3) තුන් වතාවක වඩා Copyscape Fail වුවහොත් ගිනුම අවලංගු කරනු ලැබේ.
3) මාතෘකාවට අදාලව Keywords සහ අදාල වචන ගන්න තිබිය යුතුයි.
4) පැය 2ක් තුලදී ලිපිය සම්පූර්ණ කල යුතුයි.
5) Reject කලහොත් දුක තමා විදගත යුතුයි.

ඔන්න එහෙනම් වැඩේට බහිමු

පියවර 1

http://www.iwriter.com වෙත පිවිසෙන්න. “Register” බොත්තම ඔබා ඔබේ තොරතු ඇතුලත් කර Sign Up වන්න. ඊමේල් ලිපිනයට යවන ලින්ක් එකෙන් ගිනුම වෙරිෆයි කරන්න.

4

 

පියවර 2

Login වූ පසු දිස්වන්නේ මෙහෙමයි. කොටස් පහලින් හදුන්වන්නම්.

5

 

A = නව ලිපි ලිවීමට පිවිසුම
B = ඔබගේ ගිනුමේ Settings හැදීමට පිවිසුම
C = ඔබගේ ලිපි පිලිබද අන් අයගේ අදහස් දැක්වුම හා Rating
D = මුදල් ගෙවීම්, ලැබීම්

පියවර 3

දැන් අපි හදන්නේ මුදල් ගෙවීම් පිලිබද Settings හදන්නයි. ඔබේ User Name එක ක්ලික් කරන්න.

6

7

 

පියවර 4

ඔන්න දැන් හදන්නේ අලුතින් ලිපියක් ලියන හැටි කියලා දෙන්න.

8

 

“2” බොත්තම ක්ලික් කරපුවාම ඔය මෙනුව පහලට ඇදෙනවා. ඊටපස්සේ තියෙන කොටස් පහලින් හදුන්වන්නම්.

9

 

1) ප්‍රධාන මාතෘකාව
2) තිබිය යුතු වචන ගනන
3) සම්පූර්ණ ලිපියකට ගෙවන මුදල
4) ලිපි ගොනුවේ ඇති සම්පුර්ණ ලිපි ගනන
5) දැනට ලිවීමට ඉතිරි ලිපි ගනන
6) දැනට ලියමින් පවතින ලිපි ගනන
7) අවසාන විනිශ්චයට යවා ඇති ලිපි ගනන

පියවර 5

ඉහල රූපයේ කො‍ටු කර ඇති බොත්තම ක්ලික් කලාම පහල තියෙන විදියට Text Box එකක් ඒවි. පහල රතුපාටින් සලකුනු කර ඇති දේවල් පිලිබද සැලකිලිමත් වන්න

10

 

“Current Word Count” යන්න ඔබේ ලිපියේ දැනට ඇති වචන ගානයි. කළු පාටින් කො‍ටු කර ඇති බොත්තම් මගින්, Cancel / Submit කරන්න පුලුවන්.

11

 

මුදල් ගෙවීම් ලැබුනු පසු. පහල රතුපාටකො‍ටුව තුල ඇති බොත්තම ඔබලා බලාගන්න පුලුවන්,

12

 

ඔන්න ඉංගිරීසි ටිකක් පුලුවන් කොරගෙන ඩොලර් කොල ලේසියෙන් හොයන හැටි මේ ලිපියෙන් කියලා දුන්නා. goarticles.com හා ezinearticles.com කියන වෙබ් අඩවි පීරලා හා Google එකේ සර්ච් කරලා ලිපි වලට කරුනු හොයාගන්න පුලුවන්.

Remote Upload ගැන ලිපියක් ලියන්නත් තියෙනවා. ඒකත් ඉක්මනට ලියන්නම්.

ගිහින් එන්නම්, ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
Namecheap.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *