Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #4

 

1

මේ ලිපියෙන් අපි බලමු ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩයක් ලංකාවට ගෙනවා ගන්නා හැටි. පේපැල් හා eBay නිකන් රයිගමයයි ගම්පොලයයි වගේ හින්දා මේ ලිපියත් පේපැල් කුප්පිය අස්සේම දාන්න හිතුවා. මේ සදහා වෙබ් අඩවි කීපයක් හදුන්වා දෙන්නම්, ඒවාගේ මූලික ක්‍රියා පටිපාටිය විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඊබොක්කේ වෙලෙන්දෝ

ගනන් කරන්න අමාරු තරමේ භාන්ඩ රාශියක් සමග ගනන් කරන්න අමාරු තරමේ වෙලෙන්දන් ගොඩක් ඉන්නවා. ඔයාලා හිතනවාද මේ වෙලෙන්දා තමන්ගේ කොම්පැනියෙම නිපදවපු භාන්ඩ ඊබොක්කේ විකුනනවා කියලා? නෑ.. එහෙම වෙලෙන්දොත් ඉන්නවා, ඒත් ගොඩක් ඉන්නේ අතරමැදියෝ. එයාලා කරන්නේ Drop Shipping. වෙනත් වෙබ් අඩවියකින් භාන්ඩයක් මිලදීගෙන, ලාභ තියාගෙන ඊබොක්කේ විකුනනවා. අපේ එවුන් ලාභයි ලාබයි කියලා අරගන්නවා. ඇමෙරිකාවෙන් Top Rated වෙලෙන්දෙකුගෙන් ගත්තේ කියලත් කියනවා. ඒත් බොහෝවිට ගෙදරට භාන්ඩේ එන්නේ චීනෙන් හෝ හොං කොං වලින්. අපි බලමු මේ වෙලෙන්දෝ කොහෙන්ද මේ භාණ්ඩ මිලදී ගන්නේ කියලා.

buyincoins.com

මේක අන්තර්ජාලේ තියෙන භාන්ඩ මිල අඩුම වෙබ් අඩවිය. චීනය, හොංකොං, සිංගප්පූරුව වගේ රටවල්වල ශාඛා පිහිටලා තියෙනවා. තියෙන සියලුම භාන්ඩ Free Shipping . ලංකාවට ඇතුලුව ලෝකේ වටේ රටවල් 170 කට නොමිලේ ප්‍රවාහනය කරනවා. මේ වෙබ් අඩවියේ Shipping ක්‍රම 3ක් තියෙනවා.

Air Mail (unregistered) = $0, 3 Weeks
Air Mail (Registered with Tracking No) = $1.9, 3 Weeks
EMS Express = $20+, 1 Week

අපි බොහෝවිට භාන්ඩ ගෙන්වන්නේ Air Mail (unregistered) කියන එකෙන්. $30 කට වැඩි භාන්ඩයක්නම් එයාලා Free Tracking No ක් දානවා. අපිට කැමතිනම් $1.9ක් ගෙවලා $30ට අඩු භාන්ඩයකට Tracking No එකක් දාගන්න පුලුවන්.

මොකක්ද මේ Tracking No ?

මේක පාර්සලයේ ඉදිරිපස අලවලා එවන Bar Code එකක්. මේ Bar Code එක නිසා අපේ භාන්ඩය ලෝකේ කොහෙද තියෙන්නේ කියලා දැන ගන්න පුලුවන්. ඒ කියන්නේ චීනයේද, පෙලේන් එකේද, ලංකාවෙද කියන එක. Refund එකක් ගන්නවානම් Tracking No එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.

ඇයි මෙච්චරම ගනන් අඩු?

Original Packaging නෑ. සෑම දෙයක්ම එවන්නේ Bubble Pack වල. ඒ නිසා භාන්ඩය සදහා යන නිශ්පාදන වියදම විතරයි යන්නේ. Original Packaging වලට යන ගාස්තුව වගේම බර අඩු නිසා Shipping Cost එකත් අඩුයි.

අතර මැදියෝ නෑ. නිශ්පාදනාගාරයෙන් ගන්නවා, එවනවා.

බොහෝවිට භාන්ඩ චීනයේ නිපදවන ලද ඒවා. චීන බඩු කොහොමත් ගනන් අඩුයිනේ.

ඒ වගේම එයාලා ගොඩක් බලන්නේ, අඩු ලාභයක් තියාගෙන වැඩි භාන්ඩ ප්‍රමානයක් විකුනලා ලාභ ලබන්න.

2

 

mistertao.com

මේ වෙබ් අඩවිය buyincoins.com Part 2 කීවොත් නිවරදියි. ඊ බොක්කේ Chinese version එක කීවත් නිවරදියි. ගිහින් බලන්නකෝ එතකොට තේරෙයි. මේක buyincoins හිම වෙබ් අඩවියක්. මේකේ යාන්ත්‍රනය මෙහෙමයි.
මේකේ බොහෝමයක් භාන්ඩයක්ම දාලා තියෙන්නේ Shipping Cost නැතිව. අපි Shopping Cart එකට දාලා ඇරගෙන යද්දී, බර කිරලා, බරට අනුව Shipping Cost එකතු කරනවා.

3

 

අපි මුදල් ගෙවන්නේ mistertao ට.
mistertao ගෙවනවා වෙලෙන්දාට.

Shipping Cost එක මෙහෙමයි

4

 

මීට අමතරව Paypal Charges ලෙස $1.5 කුත්, Comisson fee ලෙස 10% කුත් අන්තිම ඒකතුවට එක්වෙනවා.

උදාහරන: බර 550g

5

 

තව දෙයක් තියෙනවා. ඔතන ඉන්න හැම වෙලෙන්දාගෙන්ම භාන්ඩ මිලදීගන්න බෑ. එයාලාට හොද Ratings එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 11ට වැඩිවෙන්න ඕනේ. වම් අත පැත්තේ රූපයේ පෙනෙන පරිදි Filter එකක් තියෙනවා. ඒකෙන් පෙරලා, භාන්ඩ හොයාගන්න. එතකොට ඕනෙම භාන්ඩයක් අඩුවට මෙන්ම විස්වාසදායීව මිලදී ගන්න පුලුවන්.

6

 

මං මේ වෙබ් අඩවි සමග ගනු දෙනු කරලා ගෙන්වාගත්ත භාන්ඩවල කවර ටිකක් පෙන්වන්නම්. භාන්ඩනම් හොයන්න ටිකක් අමාරුයි. ගොඩක් ඒවාගේ ඇතුල බලන්න කෑලි ගලවලා ඒවා තැන් තැන්වල දාලා. හොයන්න ගියොත් ඇද යට මෙහෙයුමක් කරන්න වෙනවා.

7

 

මේ ගැන තව ලිපියක් ලියන්නම්. තව වෙබ් අඩවි 5ක් හදුන්වා දෙන්න තියෙනවා. කම්මැලිම, කම්මැලිම, කම්මැලියි. පොටෝ ගහ ගහ මේවා ලියන්න ලේසියැ. සමාවෙන්න! ඉස්සරලා ලිපියේ දාපු කොමෙන්ට්ස් ගොඩක් Delete කරන්න වුනා. ඒකේ කොමෙන්ට් ෆෝම් එක අවුල් ගිහිල්ලා. තාම හදාගන්න බැරිවුනා. අහපු ගැටලුවකට පිලිතුරු පේන්නේ නැත්නම්, කොමෙන්ට් එක Highlight කරලා text file එකකට කොපි කරලා බලන්න. ඕනෙම කෙනෙකුට ගැටලුවක් නම් ඉහල “Contact Us” බොත්තම මගින් සම්බන්ද කරගන්න. හැමදාම ඊමේල් බලනවා. ගැටලුවලට රිප්ලයිත් කරනවා. OK.

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting

Add a Comment

Your email address will not be published. Required fields are marked *