Namecheap.com

eMoney කුප්පිය

ඇත්තටම PTC වෙබ් අඩවි මගින් සල්ලි හොයන්න පුළුවන්ද ?

By  | 

 

1

අන්තරජාලය භාවිත කරන හැමෝම වගේ දාන්න දෙයක් තමයි මේ PTC sites. විශේෂයෙන් Internet marketing field එකේ ඉන්න අය 😉

ඉතින් ගොඩක් දෙන මුලින්ම අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ආරම්භ කරන්නේ මෙන්න මේ ptc sites වලින්, නමුත් ඉතින් සතියක් වගේ කාලය ගතවනකොට 90% දෙනා තේරුම් ගන්නවා මේක ඔයාගේ වටිනා කාලය නාස්ති කිරීමක් කියල. එහෙමත් කෙනෙක් තමයි මේවත් එක්කල ඉන්නේ. සමහරවිට මේ සතියට ඔයාට $0.50 කවත් අදායමක් උපයන්න බැරිවෙන්න වෙන්න පුළුවන්.

ඇත්තටම ඇයි මේ අලුත් අය PTC sites වලින්ම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ආරම්භ කරන්නේ ?

මොකද ගොඩක් දෙනෙක් මේක try කරන්නේ “How to make money fast” හෝ “How to make money with ads” වගේ දේවල් Google මත සෙවීම තුලින්නේ, ඉතින් මුලින්ම එන result වල තියෙන site තමයි මෙයාල කියවන්නේ, ඉතින් ඔකේ ගොඩක්ම තියෙන්නේ තම තමන්ගේ referral link දාල ලියපු blogs වගේ දේවල්නේ. ඉතින් අහු වෙන එක අහන්නත් දෙයක්ද 😐

අනික තමයි ඉන්න යාලුවෝ, එකෙක් වැටුන වලේ තමගේ යාලුවවත් දාල තමයි පස්ස බලන්නේ. මොකද කව්රුත් බලන්නේ තමගේ ගොඩ වදිකරගන්නනේ, කියනකොට කියන්නේ ad 4 ක් click කරලා මාසෙට 20,000 – 100,000 හොයන්න කියලනේ :joy:
#ජාති #ජාති #බ්‍රෝ

ඔය කියන තරම් සල්ලියක් මේ PTC sites වලින් හොයන්න පුලුවන්ද ?

2

කොහෙත්ම බෑ, වෙන්නේ ඔයාගේ කාලේ සහ මුදල් ( Net bill ගෙවන්නේ බාප්පද?) නාස්ති කිරීමක් විතරමයි.

මොකද 95% ම sites ගෙවන්නේ $0.001 හෝ $0.002 වගේ සොච්චම් ගානක් තමයි මේ click එකකට.

මොකක්ද මේ referral click එකක් කියන්නේ ?

මෙහෙම හිතමු, ඔයා ඔයාගේ ref link එකෙන් ඔයාගේ යාලුවෙක්වත් මේ site එකකට register කලාම එයත් ads බලන්න ගත්තම ඒ වෙනුවෙන් ඔයාට ලැබෙන ගාන තමයි මේ referral click එකක් කියල කියන්නේ,

ඇත්තටම මේකෙන් කොච්චර සල්ලියක් උපයන්න පුලුවන්ද ?

ඔබ ads 100 ක් click කලොත් 0.1 – 0-2$ වගේ ගානක් පුළුවන්.
ඉතින් ඔයාට referrals 100 ක් ඉන්නවනම් සහ ඔයත් දවසකට ads 1000 වගේ click කලෝතින් ඔයාට පුළුවන් දවසකට 2$ වගේ ගානක් උපයන්න.

ඉතින් දවසට $2 ක් ඇතිනේ නිකන් ඉන්නවට වඩා ?

දවසකට $2 ක් හොයන්න ඉතින් පැය 12-15 ක් වත් වැය කරන්න වෙනවනේ මේ ads 1000 click කරන්න, අනික ඉතින් එච්චර ads කව්ද දෙන්නේ ? උපරිම දවසට ads 20 නේ click කරන්න දෙන්නේ :trollface: එහෙම නෙවෙයිද ? දාන්න අය කියන්නකෝ බලන්න.

දවසට $2 ක් කියන්නේ මාසෙට $60 ක් :open_mouth:

එකත් ඇත්ත තමයි, එත් දැන් ඔය sites ඇත්තම ඒවාද ? :joy: 99% ක් ඒවා scam සහ fake sites. ඉතින් සල්ලි ගෙවයිද ? ඇඩෙනවා සල්ලි ගන්න හදන දවසට

ඉතින් මගේ ගිණුමේ $10 ක් තියෙනවනේ

ඉතින් ඇත්තටම එයාල සල්ලි ගෙවනවනම්
5% fees
5+% payza/paypal fees

එතකොට ඔය මේ ඉතිරි වෙන $4 ගන්නද මස දෙකක් මේක click කලේ ? සුළු කාලයක් නෙවෙයි, මාස දෙකක් :no_mouth:

දැන් ඔයාලම හිතල බලන්න මේ වැඩේ හොදයිද ? ගොඩයන්න පුලුවන්ද ?

එපා !!!!!! කවදාවත් මේ මෝඩ වැඩේ කරන්න එපා, මේ යොදවන කලේ ඔය ඔයාගේ දියුණුව වෙනුවෙන් යොදවන්න, මොකක්හරි skill එකක් හදාගන්න. ඕනි තරම් blogs තියෙනවා කියවන්න.

fiverr, freelancer, upwork try කරන්න. මස දෙක හරියට පාවිච්චි කලොත් ඔයාට මාසෙකට අඩුම Rs. 20,000/= ක වත් අදායමක් හොයාගන්න පුළුවන්. හැබැයි නිකන් ඉදලනම් නෙවෙයි, මහන්සි වෙලා, මොකක්හරි සේවාවක් ලබාදීල.

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
Namecheap.com

7 Comments

  1. Ishara Madushanka

    June 20, 2016 at 12:36 am

    Aththa kathaawa sahooo…ptc karalanm kawadaawath goda enna be…..oyage blog ekath fattai sahooo…aluthin emoney karanna ena kenekta fattama maru….thawa hoda post lynna good luck

    • iPlusblog

      June 21, 2016 at 1:49 am

      අනිවා බ්‍රෝ (y)

  2. ඩෑන්ග්

    September 6, 2016 at 6:25 pm

    upwork ගැන post එකක් හදලා දාන්නකෝ අපිටත් දැනගන්න.

    • iPlusblog

      September 9, 2016 at 12:12 pm

      Ok 😀

  3. Harsha nuwan

    October 28, 2016 at 1:11 am

    All articles in your blog is very useful.Highly appreciate Your work Brother.Keep up

    • iPlusblog

      October 30, 2016 at 9:28 am

      Thanks. <3

  4. asanka

    December 14, 2016 at 6:38 am

    mekanam boru wadak thamai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *